මගීන් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් දකුණු කොරියාවේ ගුවන් තොටුපළකදී කඩා වැටීමෙන් පුද්ගලයන් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
මගීන් 175 දෙනෙකු සහ ගුවන් සේවිකාවන් 6 දෙනෙකු රැගත් Jeju Air ගුවන් යානය තායිලන්තයේ බැංකොක් නුවර සිට ආපසු පියාසර කරමින් තිබූ අතර එය ,Muan ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබෑමේදී තාප්පයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු ජීවතුන් අතර සිටින බව සොයාගෙන ඇති අතර ගලවා ගැනීමේ මෙහෙයුම් තවමත් සිදුවෙමින් පවතින බව ගලවා ගැනීමේ මෙහෙයුමේ නිරත නිලධාරින් පවසනවා.
ගුවන් තොටුපළ නිලධාරියෙකු පැවසුවේ ගුවන් යානයේ අන්තයේ සිටින පුද්ගලයින් බේරා ගැනීමට හදිසි සේවා කටයුතු කරමින් සිටි බවයි.
යානයේ සිටි මගීන් අතර දකුණු කොරියානුවන් 173 දෙනෙකු සහ තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකු වන බව වාර්තා වනවා.
Author: Lanka Hit News
Post Views: 34