Global Platform For All Sri Lankans

Lanka Hit News

ආදායම් වාර්තා ඉදිරිපත් කිරීමට දීර්ඝ වු දිනය

 

 

2023/2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතු දිනය ලබන 7 වැනිදා දක්වා දීර්ඝ කළ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එදිනට හෝ ඊට පෙර ආදායම් වාර්තා ගොනු කිරීමට කටයුතු කරන ලෙසයි.

මීට පෙර නොවැම්බර් මස 30 වැනිදා තෙක් ඒ සදහා අවස්ථාව ලබා දී තිබූ අතර, පසුගිය දිනවල පැවති ආපදා තත්වයන් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියා සිටියේ.

මේ අතර, 2023/2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතු පුද්ගල සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව පන් ලක්ෂ 34,696කින් ඉහළ ගොස් තිබෙනවා.

එය පෙර තක්සේරු වර්ෂයේදී තුන් ලක්ෂ 33,013ක් ලෙස සටහන් වූ අතර මේ වසරේදී අට ලක්ෂ 68,009ක් ලෙස දැක්වෙන බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

2017 අංක 24 දරණ දේශිය ආදායම් පනතට අනුව මසකට රුපියල් ලක්ෂයකට වැඩි හෝ වසරකට රුපියල් ලක්ෂ 12කට වැඩි ආදායම් ලබන්නන් බදු ගෙවිය යුතු වනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ජනාධිපති ලේකම් කාර්යාල‍යෙන් අතුරුදන් වූ මිලියන ගණනක භාණ්ඩ ගැන අධිකරණ නියෝගයක්

  ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads