Global Platform For All Sri Lankans

Lanka Hit News

තම රෝගී පුතා නිවසට රැගෙන එන්න – ඕස්ට්‍රේලියානු පියෙක් එරට රජයෙන් ඉල්ලයි

භූමිකම්පාවෙන් විනාශයට පත් වනුවාටුහි සිටින මස්තිෂ්ක අංශභාගයෙන් පෙළෙන තම නව යොවුන් වියේ පුතා නිවසට ගෙන ඒමට උදව් කරන ලෙස ක්වීන්ස්ලන්ත ජාතික පියා ඕස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා සිටිනවා.

එරට ගුවන් හමුදාවේ (RAAF) යානා භූමිකම්පාවෙන් බලපෑමට ලක් වූ ජනතාව බේරා ගැනීමට ගොස් තිබුණ ද, එම යානා රෝද පුටු රැගෙන යාමට සකසා නොමැති බව පවසා තම දරුවා රැගෙන විත් නොමැති බව ඔහු පවසනවා.

මේ සතිය මුලදී දකුණු පැසිෆික් දූපත් සමූහයට මාරාන්තික, රික්ටර් පරිමාණ ඒකක 7.3ක පමණ ප්‍රබල භූමිකම්පාවක් හට ගත් අතර ඒ වන විට
ලියම් ලින්ච් නමැති අදාළ පුද්ගලයාගේ 14 හැවිරිදි පුත් ෂෝන් ඔහුගේ මව සහ ආච්චි සමඟ වනුවාටුහි සිට ඇත්තේ.

නත්තලට පෙර තම පවුල නිවසට ගෙන්වා ගැනීමටයි ඕස්ට්‍රේලියාවේ සිටින ලින්ච් උත්සාහ කරන්නේ.

භූමිකම්පාවෙන් වනුවාටු අගනුවර වන පෝට් විලා විනාශ වූ අතර අවම වශයෙන් පුද්ගලයින් 14දෙනෙකු මිය ගිය බව සඳහන්.

එමෙන්ම භූමිකම්පාව හේතුවෙන් රටේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ පවා වසා දැමීමටද තීරණය කෙරුණා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ලෝක Heavy Weight බොක්සිං ශුරතාවලියේ ශුරතාව ඔලෙක්සැන්ඩර්ට

සෞදි අරාබියේ රියාද්හි පැවති ලෝක Heavy Weight බොක්සිං ශුරතාවලියේ ශුරතාව දිනා ගැනීමට යුක්‍රේන බොක්සිං ක්‍රීඩක ඔලෙක්සැන්ඩර් උසික් අද සමත් වුණා.

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads