Global Platform For All Sri Lankans

දෙහිවල ඇලක වතුර රතු පාට වෙලා

 

අත්තිඩිය, කව්ඩාන ප්‍රදේශයේ අප ජලය අත්තිඩිය වැව හරහා කටු ඇල දක්වා යන ඇල මාර්ගයේ රසායනික වර්ගයක් මුසු වී සම්පූර්ණ ඇල මාර්ගයේම ජලය කවුඩාන ප්‍රදේශයේ දී රතුපැහැ ගෙන ඇති බවට ප්‍රදේශවාසීන් කියා සිටියා.

එම තත්ත්වය ඊයේ (05) පස්වරු දක්වා පැවැති බවයි, වාර්තා වුණේ.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් පොලිස් පරිසර ඒකකය මහජන සෞඛ්‍ය පරීක්ෂක අංශය දැනුවත් කර ඇති බව සඳහන්.

ඊයේ පස්වරුවේ පැමිණි මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් විසින් ජල සාම්පල් ලබා ගත් බවයි, ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ.

මෙම අපජලය මුහුදු ජලයට එකතුවීම ගැටළුකාරී තත්ත්වයක් බවයි, පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads