Global Platform For All Sri Lankans

අවාමි ලීගයේ ප්‍රබලයාගේ මළ සිරුර ඉන්දියාවෙන් හමුවෙයි..

 

බංග්ලාදේශ සිසු අරගලයෙන් පසු බලයෙන් පහ කෙරුණු අවාමි ලීගය පක්ෂයේ ප්‍රබලයෙකුගේ මළ සිරුරක් ඉන්දියාවේ දී සොයාගෙන තිබෙනවා.

බංග්ලාදේශයේ අවාමි ලීගයේ ප්‍රමුඛයෙකු මෙන්ම දැඩි හසීනා හිතවාදියෙකු වන ඉෂාක් අලී ඛාන්ගේ නරක් වූ මළ සිරුර ඉන්දියා – බංග්ලාදේශ දේශසීමාවේ පිහිටි ඉන්දීය මේගලායා ප්‍රාන්තයේ බුලත් වගාවක තිබියදී මෙලෙස හමුව තිබෙනවා.

ගෙල සිරකර ඔහු මරාදමා ඇති බව අනාවරණය වී ඇති අතර මළ සිරුරේ අනන්‍යතාව හෙළිකරගෙන ඇත්තේ ඔහුගේ ගුවන්ගමන් බලපත්‍රයෙන්.

බංග්ලාදේශයේ ඇතිවූ රාජ්‍ය විරෝධී අරගලයෙන් පසුවදඑල්ලවූ දැඩි ජනතා විරෝධය හමුවේ ඔහු ඉන්දියාවට පලායමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව පැවසෙනවා.

අරගලකරුවන් විරෝධතා අතරතුර පාර්ලිමේන්තුව ආක්‍රමණය කිරීම සහ එරට අධිකරණ ක්ෂේත්‍රයටද අත පෙවීම ආන්දෝලනාත්මක කරුණක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

රැකියා කෝටාව පදනම් කරගනිමින් හසීනා රජයට එරෙහිව ඇතිවූ අරගලය පසුව ජාතිවාදී හා ආගම්වාදී මුහුණුවරක් ගනිමින් එරට සුළුතර හින්දු ජාතිකයන් පීඩාවට පත්වීම ලොවපුරා විවේචනයටද ලක්වුණා.

අන්තර්වාර රජයේ සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රධානියා පවසා ඇත්තේ, ගෙවුණු ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වූ අරගලය අතරතුර හින්දු ජාතිකයින් දහසකට අධික ප්‍රමාණයක් ඝාතනය වී ඇති බවයි.

ඒ අනුව එය 1971 නිදහස් සටනින් පසුව බංග්ලාදේශ ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම ලේ වැගිරීම ලෙස මෙය වාර්තා වී තිබෙනවා.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads