Global Platform For All Sri Lankans

කැමති කෙනෙකුට ඡන්දේ දෙන්න , නිවැරදි ක්‍රමය මෙන්න..

 

මෙවර ජනාධිපතිවරණයේ දී තමන්ට කැමති අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ මනාප සලකුණු කිරීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

අද (19) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක , ඡන්දය සලකුණු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙලෙස පැහැදිලි කළා.

“කිසියම් අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ, අපේක්ෂකයාගේ නම හා සලකුණට ඉදිරියෙන් ඇති කොටුවේ 1 ඉලක්කම සටහන් කිරීමෙන්.
ඒ වගේම කිසියම් අපේක්ෂකයෙකුට මනාප සලකුණු කිරීමට අපේක්ෂා කරන්නේ නම්, දෙවන මනාපය 2 ඉලක්කම සටහන් කිරීමෙන් ද, තුන්වන මනාපය 3 ඉලක්කම සටහන් කිරීමෙන් ද ලබාදෙන්න පුළුවන්.

මේ 1 ඉලක්කම වෙනුවට යම්කිසි අයෙක් X සලකුණ යොදන්න අදහස් කරන්නේ නම්, ඒ ඡන්දයත් මේ ඡන්ද විමසීමේ දී වලංගු ඡන්දයක් විදියට පිළිගන්නවා.

එහෙත් , ඡන්දය X සලකුණෙන් ලබාදුන් පසුව, මනාප ලකුණු කිරීමට හැකියාවක් නෑ.”

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads