චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබලයින් ඇතුළු 11 දෙනෙකුගෙන් සමන්විත චීන දූත පිරිසක් අද (23) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සාමාජික සහ ෂී සං කලාපයේ පක්ෂ ලේකම් වැන්ග් ජුන් ෂෙන්ග් (Hon. Mr. Wang Junzheng) ප්රමුඛ නියෝජිතයන මෙම පිරිස අතරට අයත්.
අද පෙ.ව 9.45ට පමණ ශ්‍රීලන්කන් ගුවන්සේවයට අයත් ගුවන්යානයකිනුයි මොවුන් දිවයිනට පැමිණියේ.
ඔවුන් පිළිගැනීම සඳහා මෙරට චීන තානපතිවරයා සහ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ඔවුන් අද සිට 25 දක්වා මෙරට රැඳී සිටිනු ඇති.
චීන – ශ්‍රී ලංකා ද්විපාර්ශික සබඳතා වර්ධනය කර ගැනීම සංචාරයේ අරමුණ වනවා.











