සමගි ජන බලවේගයට බලය හිමි මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් එම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහරදී තිබෙනවා.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ ලේකම්වරිය මේ වන විට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මතුගම වෑත්තෑව රෝහලටයි ඇතුළත් ව ඇත්තේ.
අද (30) උදෑසන ප්‍රාදේශීය සභාවේ ගොඩනැගිල්ලේ ලේකම්තුමිය රැඳී සිටින කාර්යාලයට පැමිණ සභාපතිවරයා ප්‍රාදේශීය සභාවේ ව්‍යාපෘතියක් සම්බන්ධව ආරවුලක් ඇතිකරගෙන ඇති අතර එහිදී සිදුවූ බහින්බස් වීමෙන් අනතුරුව සභාපතිවරයා විසින් ලේකම්වරියට පහරදී තිබෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ලේකම්වරිය විසින් පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත්තේ මතුගම පොලීසිය වෙතයි.
මෙම සිද්ධිය සම්බන්ධව එම පොලීසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.











