Global Platform For All Sri Lankans

කමලා හැරිස්ගේ බලාපොරොත්තුව…

 

එළැඹෙන අමෙරිකානු ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සුප්‍රකට “වෝල් ස්ට්‍රීට් ජර්නල්” පුවත්පත පැවැත්වූ නවතම ජනමත සමීක්ෂණයෙන් පෙනී ගොස් ඇත්තේ ඩිමොක්‍රටික් අපේක්ෂිකා කමලා හැරිස් තියුණු අන්දමින් හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට වඩා ඉදිරියෙන් සිටින බවයි.

එම ජනමත සමීක්ෂණයට අනුව කමලා හැරිස්ට 48%ක ජන ප්‍රසාදයක් හිමිවෙද්දී හිටපු ජනපති ට්‍රම්ප්ට ලැබී තිබෙන්නේ 47%ක ජනතා කැමැත්තක් බවයි සදහන්.

කෙසේ නමුත්,  මෙම අගය 2.5%කින් ඕනෑම දිශාවකට දෝලනය විය හැකි බව ‌වෝල් ස්ට්‍රීට් ජර්නල් සමීක්ෂකයන් ප්‍රකාශ කර සිටිනවා.

ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ලෝකයේ සියලුම කලාපයන්ට භූ දේශපාලනික බලපෑමක් ඇතිකරන ප්‍රතිඵලයක් වෙතැයි විචාරකයෝ පවසනවා.

පසුගිය ජූලි 21 වනදා ජනාධිපති ජෝ බයිඩන් ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂත්වයෙන් ඉවත්වනතුරු ජනාධිපතිවරණ සටනේ පැහැදිලිවම ඉදිරියෙන් සිටියේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ය.

81 හැවිරිදි ජනාධිපති බයිඩන් වෙනුවට ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකත්වය ලැබූ උප ජනාධිපති 59 හැවිරිදි කමලා හැරිස් අමෙරිකාවේ ප්‍රථම ජනාධිපතිනිය වීමේ අපේක්ෂාවෙන් තරග වදින්නීය.

ඒ වගේම ඉන්දීය සම්භවයක් සහිත කමලා හැරිස් අමෙරිකාවේ මීළඟ ජනාධිපතිධුරයට පත්වුවහොත් තවත් වාර්තා රැසක් ඇය විසින් පිහිටුවනු ලබන බවද සදහන්.

අමෙරිකානු ජනාධිපතිධුරයට පත්වන ආසියානු සම්භවයක් සහිත පළමු පුද්ගලයා වීම එවැනි එක් වාර්තාවක්.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads