ගොවි ජනතාවට අහිමි කර ඇති පරම්පරාවෙන් පැවතගෙන ආ ගොවි බිම් යළි එම ජනතාවටම ලබා දීමට සිය රජයක් යටතේ කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.
විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ මැදවච්චිය ප්‍රදේශයේ පැවැති ජන රැලියක් අමතමින්
මෙම ජන රැලියේදී ජනතා විමුක්ති පෙරමුණේ හොරොව්පතාන කලාප සංවිධායක එස්. රණසිංහ ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක්ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කරමින් සමගි ජන බලවේගය සමග එක්වුණා.
Author: Lanka Hit News
Post Views: 14