දේශීය

වැලිපැන්නේ අනතුරකින් අවුරුදු 3ක දැරියකට දිවි අහිමියි

වැලිපැන්න පොලිස් වසමේ අලුත්ගම – මතුගම මාර්ගයේ 5 කණුව ප්‍රදේශයේ දී ඊයේ (25) සවස සිදුවූ අනතුරකින් වයස අවුරුදු 3ක දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම දැරිය සිය මව හා පියා සමග යතුරුපැදියෙන් මතුගම දෙසට ගමන්කරමින් සිටියදී, ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කැබ් රථයක ගැටීමෙනුයි මෙම අනතුරට මුහුණපා ඇත්තේ.

අනතුරින් එම දැරිය, තුවාල ලැබූ ඇගේ පියා හා මව දර්ගා නගරයේ රජයේ රෝහලට ඇතුළත් කර ඇති අතර පොලීසිය පැවසුවේ එහිදී දැරිය මියගොස් ඇති බවයි.

එමෙන්ම තුවාල ලැබූ ඇගේ පියා හා මව වැඩිදුර ප්‍රතිකාර සඳහා මේ වනවිට නාගොඩ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

අනතුරින් පසු කැබ් රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර, වැලිපැන්න පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Shares: