දේශීය

වැලිගම නව සභාපති තේරීම දෙවන වරටත් කල් දමයි

මතභේදාත්මක සිදුවීම් රැසක් වාර්තාවූ වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා තෝරාපත් කරගැනීමේ කටයුතු දෙවන වරටත් කල් දැමීමට සිදුවී තිබෙනවා.

ඒ සභාවේ ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන්.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ සමගි ජන බලවේගය පක්ෂයේ ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනය හේතුවෙන් එම ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය පුරප්පාඩුවයි පැවතුණේ.

එහිදී නව සභාපතිවරයෙකු තෝරාපත් කරගැනීම පසුගිය නොවැම්බර් මස 28 වනදා දකුණ පළාත් සභාවේ පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතව තිබුණ ද ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් එම කටයුතු අද දිනය දක්වා කල් දමා තිබුණා.

ඒ අනුව සභිකයින් 45 දෙනෙකුගෙන් සමන්විත වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත් කරගැනීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබුණේ අද (26) පෙරවරු 10:00ටයි.

කෙසේවෙතත් අද දිනයේ ද සභාවට පැමිණ තිබුණේ සභිකයින් 22 දෙනෙකු පමණක් නිසා ඝන පූර්ණය නොමැතිවීම හේතුවෙන් සභාපතිවරයා තෝරාපත් කරගැනීමේ කටයුතු යළි කල් දැමීමටයි පළාත් පාලන කොමසාරිස්වරිය පියවර ගෙන ඇත්තේ.

Shares: