දේශීය

බෝම්බ බියක් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හදිසි සෝදිසි මෙහෙයුමක්

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝම්බ බියක් හේතුවෙන් විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඒ පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකාය විසින්.

මෙම හදිසි සෝදිසි කිරීම සිදුකර තිබෙන්නේ වාහනයක සවිකළ බෝම්බයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ පුපුරුවා හරින බවට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිල විද්‍යුත් ලිපිනයට නිර්ණාමිකව යොමුකළ පණිවිඩයක් සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරයා පොලිසියට කළ දැනුම් දීමකට අනුවයි.

පොලිස් නිල සුනඛයින්ද යොදා ගනිමින් අද පෙරවරු 10.00ට පමණ මෙම සෝදිසි කිරීම ආරම්භ කළ බවයි පොලිසිය පැවසුවේ.

මේ වනවිටත් අදාළ සෝදිසි කිරීම් සිදුවනවා.

Shares: