වෙනිසියුලාව සම්බන්ධයෙන් අමෙරිකානු හමුදා ගත් ක්‍රියාමාර්ග අතරතුර ජාත්‍යන්තර නීතියේ නීතිවලට ගරු නොකිරීම ගැන තමන් දැඩි කනස්සල්ලෙන් පසුවන බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරෙස් මහතා පවසා තිබෙනවා.
අද (05) පැවති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී මහ ලේකම්වරයා නිල ප්‍රකාශයකිනුයි ඒ බව අවධාරණය කර ඇත්තේ.
එහිදී ඔහු පවසා තිබෙන්නේ, ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා මූලික පදනම වන්නේ ජාත්‍යන්තර නීතිය බවයි.
වෙනිසියුලා නායක නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇති විය හැකි අතුරු ප්‍රතිවිපාක පිළිබඳවද ගුටේරස් මහ ලේකම්වරයා මෙහිදී දැඩි අවධානය යොමු කර තිබෙනවා.











