රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට ගුණාත්මක, පෝෂණයෙන් සපිරි සහ රුචිකර ආහාර වේලක් ලබාදීම අරමුණු කරගත් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය හෙට (06) මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ කෙරෙන බව යි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබෙන්නේ.
රෝගීන්ට ලබාදෙන සාම්ප්‍රදායික තනි පිඟානක ආහාර වේල වෙනුවට, බත්, එළවළු, මැල්ලුම්, මස්, මාළු, බිත්තර ඇතුළු ආහාර අංග වෙන් වෙන්ව තැන්පත් කළ විශේෂ පිඟානකින් ආහාර පිරිනැමීම මෙම ව්‍යාපෘතියේ විශේෂත්වයයි.











