Global Platform For All Sri Lankans

ඡන්ද කාඩ් බෙදන්න තවත් විශේෂ දිනයක්..

 

ජනාධිපතිවරණයට අදාළව, එළඹෙන 14 වැනිදා විශේෂ දිනයක් ලෙස සළකා නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක අද (09) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව සඳහන් කළා.

එසේම, ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 70ක් පමණ මේ වනවිට ජනතාව වෙත බෙදා අවසන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවසුවේ, විශේෂ බෙදා හැරීම් සිදුකළ ඊයේ දිනයේදී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 25කට ආසන්න සංඛ්‍යාවක් ජනතාව වෙත බෙදා හැරීමට කටයුතු කළ බවයි.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads