ශ්රී ලාංකික සංගීත රසිකයින් අතර මහත් ආදරයක් දිනූ, ගීත කිහිපයකම නිර්මාණකරුවෙක් වූ, ප්රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ අද (11) අභාවප්රාප්ත වී තිබෙනවා.
මියයන විට ඔහු 66 වියේ පසු වූ බව සඳහන්.
රෝගී තත්ත්වයක් හේතුවෙන්, ප්රතිකාර ලබමින් සිටියදී රාගම රෝහලේදී අද පෙරවරුවේදී ඔහු මෙසේ අභාවප්රාප්ත වී තිබෙනවා.
‘අපි කවුරු ද’, ‘අපි සැනසිල්ලේ’, ‘රස්තා’, ‘අළු යට ගිනි’, ‘හීනවලට පණක් තිබෙනවා’, ‘හොඳ ම දේ’ හා ‘සැනසෙන්නම්’ ඇතුළු ගීත ගණනාවක නිර්මාණකරු වන්නේ ඔහුයි.
Author: Lanka Hit News
Post Views: 130
1 thought on “ප්රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ අභාවප්රාප්ත වෙයි..”
May his soul rest in peace! Adios amigo!!