Global Platform For All Sri Lankans

“මාලිමාවට ඡන්දය නොදුන් අයටත් ටික දවසකින් දුක හිතෙයි ” අනුර කුමාර

 

අපිට ඡන්දය නොදුන්න කෙනාගෙත් විශ්වාසය දිනා ගන්න අපි කටයුතු කරනවා යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ ඊයේ (11) පැවති ජන හමුවකට එක්වෙමින්,

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර මෙසේද සඳහන් කළා.

” තමුන්නාන්සේලා අපි කෙරෙහි තබන විශ්වාසය ආරක්ෂා කිරීම අපේ වගකීමක්. සැප්තැම්බර් මාසේ 21 වැනිදා අපිට ඡන්දය නොදුන් වෙන කාට හරි ඡන්දය දුන්න කෙනෙක් ඉන්නවා නම් එයාටත් හිතෙනවා ටික දවසක් යනකොට අපරාදේ ජාතික ජන බලවේගයට තමයි ඡන්දෙ දෙන්න තිබ්බෙ කියලා. අපිට ඡන්දය නොදුන්න කෙනාගෙත් විශ්වාසය දිනා ගන්න අපි කටයුතු කරනවා.

මේ රටේ ජනතාව දීර්ඝ කාලයක් රැවටීමට භාජනය වුණා. විශාල බලාපොරොත්තු විශාල ඉලක්ක ඇතුව ආණ්ඩු හැදුවා. ආණ්ඩු ගන්න අය මොනවද නොකිව්වේ. මේ ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය කරනවා කිව්වා. ආසියාවේම පුදුමය බවට පත් කරනවා කිව්වා. පහුගිය අවුරුද්ද දෙක තුන ඇතුළත පුදුමය අපි හොඳටම දැක්කා. ආසියාවේ දියුණුම රාජ්‍ය බවට පත්වන නිසා මිනිස්සු ඡන්දෙ දුන්නා.

මේ රටේ පාලකයෝ සුබවාදී සිහින ජනතාවට පෙන්නුවා. හැබැයි බලය අරගෙන ඉතා කෙටි කාලයක් යනකොට තේරෙන්න පටන් ගත්ත බොරුවක්,රැවටීමක්, වංචාවක් කරන්නේ කියලා. ”

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads