Global Platform For All Sri Lankans

කතිරේ ගහන්න යන්න නිවාඩු නොදුන්නොත්, ආයතන ප්‍රධානීන්ට දඩ..

 

ජනාධිපති මැතිවරණය සඳහා පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන් හට නිවාඩු ලබා දෙන ලෙස පැෆරල් සංවිධානය සියලුම පෞද්ගලික ආයතනවලින් ඉල්ලීමක් කර තිබෙනවා.

යම් ආයතනික ප්‍රධානියෙකු මෙම නීතිය නොසලකා කටයුතු කර අධිකරණයේ ඉදිරියේ වරදකරුවෙකු වුවහොත්, ලක්ෂ දෙකක දඩයක් සහ මාසයක සිරදඬුවමක් හිමිවන බවයි එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.

එසේම, එවැනි සිදුවීම් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට පියවර ගන්නා බවද සඳහන්.

එමෙන්ම එවැනි සිද්ධීන් ඇති වුවහොත් ඒ පිළිබඳව තම සංවිධානය දැනුවත් කරන ලෙසයි පැෆරල් සංවිධානය පෞද්ගලික ආයතනවල සේවකයන්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads