ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) දින උතුර පළාතේ සංචාරයක නිරත වනවා.
ඒ තෛපොංගල් සැමරුම් වෙනුවෙන් සහභාගී වීමටයි.
එහිදී යාපනය, වේලනෙයි, අයියනාර් කෝවිල් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන උතුර පළාත් තෛපොංගල් උත්සවය සඳහා ජනපතිවරයා සහභාගී වනවා.
එමෙන්ම සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් යාපනය සංචාරක මණ්ඩලය විසින් සංවිධානය කර ඇති තෛපොංගල් උත්සවය සඳහාද ජනපතිවරයා සහභාගි වීමටයි නියමිතව ඇත්තේ.
ඒ මනිපායි මරුතඩි විනායහර් කෝවිලේදීයි.
‘තමන්ගේම තැනක් – ලස්සන ජිවිතයක්’ යන තේමාව යටතේ රට පුරා නව නිවාස 31,218ක් ඉදිකිරීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවයද අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.
එම ජනතාව අතරට යුද්ධය හේතුවෙන් තවමත් නිවාස අහිමිව සිටින උතුරු සහ නැගෙනහිර පළාත්වල පවුල් 2,500ක්ද ඇතුළත්.
මෙම වැඩසටහන යාපනය චාවකච්චේරිය, වීරසිංහම් ප්‍රාථමික විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
මේ අතර විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ උතුර පළාත් වැඩසටහනද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.
ඒ , යාපනය තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදීයි.











