දේශීය

මතට ඇබ්බැහි වූවන්ට එක් දින ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන 3 ක්

මතට ඇබ්බැහි වූවන් වෙනුවෙන්, එක් දින ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන 3 ක් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසනවා.

මඩකලපුව, කුරුණෑගල හා යාපනය ප්‍රදේශවල එම මධ්‍යස්ථාන ආරම්භ කිරීමට නියමිත බවයි එහි ප්‍රතිකාර හා පුනරුත්ථාපන අංශයේ අධ්‍යක්ෂ ශාන්ත ගමගේ මහතා ප්‍රකාශ කළේ.

මඩකලපුව එක් දින ප්‍රතිකාර හා පුනරුත්තාපන මධ්‍යස්ථාන ලබන සතියේ විවෘත කිරීමට නියමිතයි.

මෙම මධ්‍යස්ථාන මගින් රෝගීන්ට නේවාසිකව නවාතැන් නොගෙන එක් දින ප්‍රතිකාර සේවාවන් ලබාගත හැකි වනවා.

Shares: