Global Platform For All Sri Lankans

” අක්‍රමිකතා වාර්තා වී නැහැ.. ” විභාග කොමසාරිස්

අද පෙරවරු 9.30ට ආරම්භ වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,849 කදී සාර්ථකව පැවැත්වුණු බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

ඔහු කියා සිටියේ දරුවන් විභාගයට පෙනී සිටීමේ ප්‍රතිශතය ඉතා ඉහළ මට්ටමක පැවති  බවයි.

එමෙන්ම විභාග අක්‍රමිකතා කිසිවක් වාර්තා වී නොමැති බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් තුන් ලක්ෂ 23,879 දෙනෙකු ලියාපදිංචි වී තිබූ අතර, සිංහල මාධ්‍යයෙන් 244,092 ක් සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 79,787 දෙනෙකු මෙවර පහ ශේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා ලියාපදිංචි වී තිබුණා.

එමෙන්ම විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වූ විභාග මධ්‍යස්ථාන 07කුත් මෙවර විභාගයට ඇතුලත්.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads