Global Platform For All Sri Lankans

ලොව පළමු ට්‍රිලියනපතියා එලෝන් මස්ක් ?

විද්‍යුත් වාහන, සමාජ මාධ්‍ය, අභ්‍යවකාශ රොකට් දක්වා සෑම ක්ෂේත්‍රයක්ම පාහේ ආවරණය කෙරෙන පුළුල් ‘ව්‍යාපාර අධිරාජ්‍යයකට’ හිමිකම් කියන එලෝන් මස්ක්, නුදුරේදීම ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මස්ක්ගේ ව්‍යාපාරික සාර්ථකත්වය දැනටමත් ඔහුව ලෝකයේ වඩාත්ම බලගතු, ධනවත් සහ මතභේදාත්මක පුද්ගලයෙකු බවට පත් කර අවසන් බවද සඳහන්.

දැනට ඔහුගේ වාර්තාගත වත්කම ඩොලර් බිලියන 251 කට ආසන්න බව ද  වාර්තා වනවා.

ඒ අනුව, මස්ක් ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්විය හැකි බව Informa Connect Academy වාර්තාව සඳහන් කරනවා.

කෙසේ වෙතත් , මස්ක් මේ වාර්තාවට ළඟා වන්නේ 2027 වසරේ දීයි.

එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, මස්ක්ගේ ශුද්ධ වටිනාකම වසරකට 110% ක සාමාන්‍ය අනුපාතයකින් ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති බවයි.

ඒත් සමඟ ම 2028 වසරේදී බිහිවීමට නියමිත ට්‍රිලියනපතියෙකු ගැනත් Informa හෙළිදරව් කර තිබෙනවා.

ඒ අසල්වැසි ඉන්දියාවේ ප්‍රකෝටිපති ගෞතම් අදානි ලෙසයි සඳහන් කරන්නේ.

 

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads