Global Platform For All Sri Lankans

විභාග දෙපාර්තමේන්තුව අසල උණුසුම් තත්ත්වයක්..?

 

පසුගියදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන ලෙස ඉල්ලමින් අද (18) විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට දෙමව්පියන් විරෝධතාවයක නිරත වී තිබෙනවා.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ, ප්‍රශ්න 03ක් ඉවත් කර අවසන් ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණයට විරෝධය පළ කරමින් ඔවුන් මෙම විරෝධතාවය සූදානම් කර තිබෙන බවයි සඳහන්.

ඒ අනුව, විරෝධතාවයේ නියැළුණු දෙමාපියන්ගෙන් කිහිපදෙනෙකුට විභාග දෙපාර්තමේන්තුව තුළට ගොස් ලිපියක් භාරදීමට අවස්ථාව හිමිවූ අතර, එහෙත් විරෝධතාවය අවසන් වුයේ නැහැ.

කෙසේ වෙතත්, එම ස්ථානය අසලට , පොලීසිය සහ කැරලි මර්දන ඒකකය ගෙන්වා තිබෙන බවත් වාර්තා වනවා.

විභාග කොමසාරිස්වරයා මෙම ප්‍රශ්නය සැහැල්ලුවට ගෙන ඇති බවත්, ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් එම ස්ථානයට පැමිණ සිටි දෙමාපියන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads