ඉන්දියාවේ සිට වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය ලබන මස 04 වැනිදා සිට කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී සිදු කෙරෙනවා.
එම ධාතුන් වහන්සේ මෙරට වැඩම කෙරෙන්නේ , ඉන්දීය රජයේ අනුග්‍රහයෙන්.
ප්‍රදර්ශනය පෙබරවාරි 12 වැනිදා දක්වා පැවැත්වෙන බවයි බුද්ධ ශාසන අමාත්‍යාංශය පැවසුවේ.
මේ අතර ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහනාහිමි බැහැ දැක මේ පිළිබඳ දැනුවත් කළා.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, ගුජරාටයෙන් සොයා ගත් සර්වඥ ධාතුන් වහන්සේ මෙරට ප්‍රදර්ශනය කරන බවයි.











