Global Platform For All Sri Lankans

” මං තාත්තාගෙන් අවසර ගත්තා සැලුන්දොර වහන්න..” නාමල් රාජපක්ෂ

 

තමන් බලයට පැමිණීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පක්ෂ මාරු කළ නොහැකි ලෙස නව නීති සම්පාදනය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

ඊයේ (17) ගාල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

“එදා විපක්ෂය කියන්න බැලුවා රාජපක්ෂලා අපේ කණ්ඩායම හැංගිලා කියලා. නෑ අපි කවදාවත් හැංගිලා හිටියේ නෑ. අපි හැංගෙන්නෙත් නෑ. අපිව හංගන්නත් බෑ. මොකද මට වැඩපිළිවෙලක් තියෙනවා. අපිට රට හදන්න සැලැස්මක් තියෙනවා. අනිත් අයව සල්ලිවලට, වරදානවලට ගන්න පුළුවන් ඇති. හැබැයි ගමේ පාක්ෂිකයාව සල්ලිවලට ගන්න බෑ. ගියපු අයව ගන්න එපාලු. ඒක මං තාත්තාගෙන් අවසර ගත්තා සැලුන්දොර වහන්න. අපේ සැලුන්දොර වහනවා විතරක් නෙමෙයි අපි පාර්ලිමේන්තුවේ නීතියක් ගේනවා කිසිම දේශපාලනඥයෙක්ට වරප්‍රසාදවලට පක්ෂය මාරු කරන්න බැරි නීතියක් අපි පාර්ලිමේන්තුවට ගේනවා. මම ඔබට වගකීමකින් කියනවා ඔබ මං කෙරෙහි තබන විශ්වාසය පළුඳු වෙන්න මෙම ඉඩ තියන්නේ නෑ.”

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads