දේශීය

අප්‍රේල් සිට ජූනි දක්වා විදුලි ගාස්තු 13.56%කින් ඉහළට ?

මෙම වසරේ අප්‍රේල් සිට ජූනි දක්වා විදුලි ගාස්තු 13.56%කින් ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ⚡
2026 වසරේ පළමු කාර්තුව සඳහාද ගාස්තු සංශෝධන යෝජනාවක් ඉදිරිපත් කර තිබුණද, නිසි කාලය තුළ විධිමත් යෝජනාවක් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් එය ප්‍රතික්ෂේප කර ඇත. එහිදී ඉල්ලා සිටි ගාස්තු වැඩිවීම 11.57%කි.
🔹 2026 දෙවැනි කාර්තුවේ (අප්‍රේල් – ජූනි) බලශක්ති සැලසුම
ඉදිරි මාස 3 සඳහා ගිගාවොට් පැය 4,578ක විදුලිය නිපදවීමට අපේක්ෂා කරනු ලබනවා.
📌 අප්‍රේල් – GWh 1,468
📌 මැයි – GWh 1,573
📌 ජූනි – GWh 1,537
🔸 විදුලි උත්පාදන මූලාශ්‍ර අනුව:
💧 ජල විදුලිය – GWh 1,218
🔥 තාප විදුලිය – GWh 1,957
🌱 පුනර්ජනනීය බලශක්ති – GWh 1,402
මෙම නිෂ්පාදනයෙන් GWh 4,230.3ක් අලෙවි කිරීමට අපේක්ෂා කරනු ලබනවා.
විදුලි ගාස්තු ඉහළ යාම සහ බලශක්ති සැලසුම් පිළිබඳව ඔබගේ අදහස් කුමක්ද? 💬👇 පහලින් කමෙන්ට් කරන්න…

Shares: