දේශීය

අද දිනයේ ප්‍රදේශ කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂිතයි

අද (මාර්තු 06) දිනයේ දකුණු පළාතේ සහ රත්නපුර, කළුතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක සවස හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එම දෙපාර්තමේන්තුව අනුව දිවයිනේ අනෙකුත් බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බවත් සඳහන් වනවා.

ඒ අතරම උදෑසන මුල් පැයවලදී උතුරු, උතුරු මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල ස්ථාන කිහිපයක මීදුම් සහිත තත්ත්වයන් ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබෙනවා.

එම නිසා සවස සහ රාත්‍රී කාලයේදී වැසි අපේක්ෂිත ප්‍රදේශවල ජනතාව ප්‍රවේශම්ව කටයුතු කරන ලෙසද උපදෙස් ලබා දී තිබෙනවා.

Shares: