දේශීයව්‍යාපාරික

මැදපෙරදිග ආරක්ෂක තත්ත්වය මැද රුපියල 5% ක් පහළ යා හැකි බව First Capital අනාවැකිය

ෆස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් (First Capital Holdings PLC) නිකුත් කළ නවතම වාර්තාවට අනුව, 2026 වසර තුළ ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 5 ක් පමණ පහළ යා හැකි බව පුරෝකථනය කර තිබෙනවා.

ඉරානයේ ඇති ගැටුම්කාරී වාතාවරණය සහ ජංගම ගිණුමට එල්ල වූ බලපෑම් හේතුවෙන්, රුපියලේ අගය මුල් පුරෝකථන සීමාව ඉක්මවා පහළ යා හැකි අවදානමක් පවතින බව වාර්තාව සදහන් කරනවා.

මැදපෙරදිග උණුසුම් තත්ත්වය හේතුවෙන්, ගෝලීය ආයෝජකයන් ආරක්ෂිත වත්කම් වෙත යොමු වීමත් සමග ඇමෙරිකානු ඩොලරය ශක්තිමත් වීමත්  දක්වා තිබෙනවා. 2026 මාර්තු 3 වන විට, ඩොලර් දර්ශකය 97.60 සිට 99.20 දක්වා ඉහළ ගොස්  තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දර්ශක අනුපාතිකය අනුව, රුපියල තරමක් දුර්වලව වෙළෙඳාම ඇරඹුවද අවසානයේ 309.24 මට්ටම ට ස්ථාවරවී  තිබෙනවා.

වාර්තාවෙන් පෙන්වා දක්වන ආකාරයෙහි, අපනයන ඉල්ලුමේ අඩු වීම සහ ඉහළ පිරිවැය රටේ ආර්ථිකයට සෘණාත්මක බලපෑම් ඇති කිරීමට හැකියාව  තිබෙන බවයි. කෝපි, තේ සහ කුළුබඩු අපනයන අංශය, විශේෂයෙන්ම එක්සත් ජනපදය, ඉරානය, ඉරාකය සහ ගල්ෆ් කලාප වෙත යොමු වීම නිසා, බාහිර අවදානම් තවදුරටත් වැඩි වී  තිබෙනවා.

තවත් බලපෑම් ලෙස, භාණ්ඩ ප්‍රවාහන සහ රක්ෂණ ගාස්තු ඉහළ යා හැකි බවත්, ගෝලීය මූල්‍ය අවිනිශ්චිතතාව සහ දුර්වල බාහිර ඉල්ලුම රටේ ආර්ථිකයට නරක බලපෑම් ඇති  කළ හැකි බවත් වාර්තාව තව දුරටත් අනතුරු අඟවනවා.

Shares: