දේශීය

NSBM පාඨමාලා ගාස්තු වැඩිවීමේ විගණන වාර්තාවෙන් හෙළිවූ සුවිශේෂී කරුණු

ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යායතනය (NSBM) ඇපයෙන් සීමිත සමාගමක් ලෙස පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියේදී සිදු වූ ගාස්තු වැඩිවීම් පිළිබඳ විශේෂ විගණනක් ජාතික විගණන කාර්යාලය විසින් සිදු කර තිබේ.

විගණනයෙන් හෙළිවූ ප්‍රධාන කරුණු

 

* පාඨමාලා ගාස්තු 33% සිට 75% දක්වා වැඩි වී තිබේ – NSBM ආයතනය විසින් සිසුන්ට අහිතකර ආකාරයෙන් විශාල වශයෙන් ගාස්තු වැඩි කර ඇතැයි විගණනයේ සඳහන්.

* විශ්වවිද්‍යාලය පාඨමාලා ගාස්තු වැඩි කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටී නොඅනුගමනය කළ බව වාර්තාව පෙන්වයි.

* රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් 2020 සැප්තැම්බර් 24 දිනැති ලිපියට අනුව, පාඨමාලා ගාස්තු වැඩි කිරීම වසර තුනකට වරක් පමණක් සිදු කළ යුතු බව අවධාරණය කර තිබෙනවා.

* 2020–2023 දක්වා කාලය තුළ, අනුමත උපාධි පාඨමාලා 20කට සම්බන්ධව එක් වසරකට අවස්ථා දෙක බැගින් පාඨමාලා ගාස්තු 33%–75%ක් දක්වා වැඩි කර තිබෙනවා.

* 2019–2023 කාලය තුළ වාර්ෂික ආදායම සහ වියදම් ගැලපීමේදී අලාභයක් වාර්තා කර ඇත්තේ 2019 වසරේ රු. මිලියන 8.4ක් පමණි.

Shares: