ඉරානයේ තෙල් පිරිපහදුව වලට එල්ල වූ ප්‍රහාරවලින් අනතුරුව වැටෙන බව කියන “කළු වැසි” ජනතාවගේ සෞඛ්‍යයට බරපතළ අවදානමක් ඇති කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
World Health Organization ප්‍රකාශ කළේ තෙල් අඩංගු වැසි සහ එය සමඟ ඇතිවන අම්ලීය වැසි නිසා විශේෂයෙන්ම ශ්වසන පද්ධතියට ගැටලු ඇතිවිය හැකි බවයි.
Tehran නගරය තුළ තෙල් පිරිපහදුවකට එල්ල වූ ප්‍රහාරයකින් පසු දැඩි කළු දුමාරයක් පැතිර ගොස් ඇති අතර, එම තත්ත්වය හේතුවෙන් වාතයේ ගුණාත්මකභාවය බරපතළ ලෙස පිරිහී ඇති බව වාර්තා වනවා.
WHO ප්‍රකාශක Christian Lindmeier ජෙනීවාහි පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ මෙම “කළු වැසි” සහ අම්ලීය වැසි ජනතාවට විශේෂයෙන්ම ශ්වසන රෝග ඇති කිරීමට හේතු විය හැකි බවයි. එම නිසා ජනතාව හැකි තරම් ගෘහස්ථව රැඳී සිටින ලෙස ඉරාන බලධාරීන් දැනුම් දී ඇති අතර, WHO ද එම උපදෙස්ට සමග එකග වන බව ඔහු පැවසීය.
එමෙන්ම තෙල් ගබඩා සහ පිරිපහදු මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ඇතිවූ ගිනිගත් වාතාවරණය වායු දූෂණය තවදුරටත් වැඩි කර ඇති බවත්, එය සෞඛ්‍ය අංශයට දැඩි අවදානමක් බවත් WHO අවධාරණය කර තිබෙනවා.මෙවැනි තත්ත්වයන් මධ්‍ය පෙරදිග කලාපයේ පවතින යුධ උණුසුම හේතුවෙන් පාරිසරික හා සෞඛ්‍ය අවදානම් තවදුරටත් ඉහළ යා හැකි බවට තවදුරටත් අවධාරණය කරනවා.











