දේශීය

“පැට්‍රොල් ප්‍රශ්නයක් නොව, ලෝක ව්‍යාප්ත අර්බුදයක්” – අපේ පරපුර දේශපාලන පක්ෂයෙන් දැඩි ප්‍රකාශ

අපේ පරපුර දේශපාලන පක්ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ සභාපති සිදම්බරම් කරුණානිදි මහතා රටේ වත්මන් තත්ත්වයන් සම්බන්ධයෙන් දැඩි අදහස් පළ කර තිබුණා.

ඔහු සඳහන් කළේ, රට තුළ පැට්‍රොල් හිඟයක් පවතින බවට විපක්ෂය විසින් බොරු ප්‍රචාර පතුරවන බවත්, එය ලෝක ව්‍යාප්ත අර්බුදයක් බවත්ය. එමෙන්ම, සමහර මාධ්‍ය ආයතන ද මෙම ප්‍රචාරයට දායක වන බවත් ඔහු චෝදනා කර තිබෙනවා.

තවද, තුෂාන් සුරේෂ් සලෙයි සම්බන්ධයෙන් කතා කරමින්, ඔහුගේ නම සම්පූර්ණයෙන් ප්‍රකාශ කිරීමට සමහර මාධ්‍ය බිය පළ කරන බවත්, ඔහු අත්අඩංගුවට ගැනීම විහිළුවක් නොවන බවත් තවදුරටත් පවසා තිබුණා.

මෙහිදී, විපක්ෂයේ ගම්මන්පිල සහ විමල් විරවංශ යන නායකයන් සම්බන්ධයෙන් ද දැඩි විවේචන එල්ල කළ අතර, ඔවුන් උසස් CID නිලධාරීන්ට අපහාස කරන බවත්, එවැනි ක්‍රියා මඟින් රාජකාරි වලට බාධා සිදු කරන බවත් ඔහු අවධාරණය කර තිබුණා.

එමෙන්ම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් නොකළ යුතු බවත්, සම්බන්ධ පුද්ගලයින්ට නීතිය අනුව දඩුවම් ලබා දිය යුතු බවත් ඔහු පෙන්වා දී තිබුණු.

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට ආණ්ඩුව තුළ වගකීම් සහිත තනතුරක් ලබාදිය යුතු බවත්, ජනාධිපතිවරයාට ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වා තිබුණා.

Shares: