සාමාන්‍ය ජනතාවගෙන් අධික ආදායම් බදු අය කර ගන්නා පසුබිමක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අය කරගන්නා බද්ද ඉතා අඩු බව සමාජයේ දැඩි විවාදයක් මතුවන කරුණක්.
මෙම කතාබහට හේතුව කුමක්ද?
පසුගිය අප්‍රේල් 08 දා පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් විසින් තම මාසික වැටුප් ලේඛනය සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීමත් සමඟ මෙම විවාදය උණුසුම් වී තිබෙනවා.
මන්ත්‍රීවරයාගේ වැටුප් විස්තර
ඔහුගේ දළ මාසික වැටුප රු. 415,169.93ක් ලෙස සඳහන් වනවා.
එය සකස් වන්නේ පහත පරිදි,
• මාසික දීමනාව – 54,285.00
• විනෝද දීමනාව – 1,000.00
• දුරකතන දීමනාව – 50,000.00
• ප්‍රවාහන දීමනාව – 15,000.00
• කාර්යාල දීමනාව – 100,000.00
• ඉන්ධන දීමනාව – 179,707.93
• බදු නැවත ගෙවීම – 177.00
• පාර්ලිමේන්තු දීමනාව – 15,000.00
එකතුව රු. 415,169.93
බදු ප්‍රමාණයේ විශාල වෙනස
මෙම වැටුපට අය කර ඇති අත්තිකාරම් පෞද්ගලික ආදායම් බද්ද (APIT) රු. 7,549.57ක් පමණි.
නමුත්,
ඒකට සමාන වැටුපක් ලබන පෞද්ගලික අංශයේ සේවකයෙකුගෙන් රු. 55,461.17ක් බද්දක් අය කරගනී.
වෙනස: රු. 47,911.60
පෞද්ගලික අංශයේ සේවකයෙකුට 84%කට වැඩි බදු බරක්!
මෙවැනි වෙනසක් ඇතිවන්නේ ඇයි?
මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කරන්නේ,
මන්ත්‍රීවරුන්ට ලැබෙන දුරකතන, ඉන්ධන සහ ප්‍රවාහන දීමනා වලින් 25%ක් පමණක් බද්දට යටත් වන බවයි.
එනම්,
මෙම දීමනා වල 75%ක් බද්දෙන් නිදහස්!
පාර්ලිමේන්තු මූල්‍ය අංශයද මෙම තත්ත්වය තහවුරු කර ඇති අතර,
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අදහස අනුව,
මෙම දීමනා බොහෝවිට රාජකාරී කටයුතු සඳහා වැය වන බැවින් බදු සහනය ලබා දී තිබෙනවා.
නීතිය සමානද? නැත්නම් වෙනස්ද?
මෙම තත්ත්වය සමාජයේ විශාල ප්‍රශ්නයක් මතුකරනවා.











