ශ්‍රී ලංකාවේ සංස්කෘතික වටිනාකම්, අනාගත පරම්පරාව සහ තරුණයින්ගේ බලය පිළිබඳ ගැඹුරු පණිවිඩයක් ලබා දෙමින් නාමල් රාජපක්ෂ මහතා මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව කළ පණිවිඩය.
කාල්ටන් නිවසේ පැවැත්වූ අවුරුදු චාරිත්‍ර අවසන්වීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඔහු පැවසුවේ, “අතපසුවීම් ඕන කෙනෙක්ට වෙන්න පුළුවන්. වැදගත් වන්නේ ඒවා හඳුනාගෙන හදාගෙන ඉදිරියට යාමයි.” යනුවෙනුයි.
සංස්කෘතිය – අපේ අඩිතාලමයි
ඔහු අවධාරණය කළේ, සිංහල හා හින්දු ජනතාව එක්ව සමරන අවුරුදු උත්සවය සරල උත්සවයක් නොව, අපේ ජාතික අනන්‍යතාවය නියෝජනය කරන සංස්කෘතික පදනමක් බවයි.
“අපේ ඊළඟ පරම්පරාවට දායාද කරලා යන්න ඕනේ අපේකම සහ අඩිතාලමයි.” යනුවෙන් වැඩි දූරටත් ප්‍රකාශ කර තිබුණා.
අභියෝග අතර ජයග්‍රහණයට
2026 වසර අභියෝගාත්මක වසරක් වුවත්, ඒ අභියෝග ජයගෙන සුභදායී අවුරුද්දක් බවට පත් කළ හැකි බවට ඔහු විශ්වාස කරන බවයි වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ.
“අභියෝග තිබුණත් ඒවා ජයගන්න පුළුවන්. ඒක අපේ මනස හා ක්‍රියාකාරීත්වය මත පදනම් වෙලා තියෙනවා.” යනුවෙන් අවසාන වශයෙන් සදහන් කර තිබෙනවා.
අතීතයෙන් – අනාගතයට පාඩම්.
ඔහු පැහැදිලි කළේ, ඉතිහාසයේ සිදුවූ වැරදි සහ අතපසුවීම් පිළිගෙන ඒවායෙන් ඉගෙන ගැනීම රටක් ලෙස ඉදිරියට යාමට අත්‍යවශ්‍ය දෙයක්, අපේ ඉතිහාසයේ වැරදි වෙලා තියෙනවා. ඒවා පිළිගෙන ඉදිරියට යන එක තමයි වැදගත්.” ලෙසයි.
තරුණ බලය – රටේ අනාගතය
තරුණ පරම්පරාව පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවසුවේ, ශ්‍රී ලංකාවේ දක්ෂ තරුණ පිරිසක් සිටින බවයි. ඔහු අවධාරණය කළේ, තරුණයන් පිළිබඳ විශ්වාසය නැවත ගොඩනගාගත යුතුය, ඔවුන්ට අවස්ථා ලබා දිය යුතුය, ඔවුන්ගේ දක්ෂතා රටේ සංවර්ධනයට යොමු කළ යුතුය යනුවෙනුයි.
“තරුණයන් කිහිපයක ක්‍රියා හේතුවෙන් සමස්ත තරුණ පරම්පරාව විනිශ්චය කරන්න බෑ.”
යනුවෙන් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
එකමුතුවෙන් ඉදිරියට
අවසන් වශයෙන් ඔහු අවධාරණය කළේ, රටක් ලෙස ගොඩනැගීමට සියලු දෙනා එකමුතුවෙන් කටයුතු කළ යුතු බවයි.
“අතීතයේ වැරදි හදාගෙන, තරුණයන් එක්කරගෙන, රටක් ලෙස ඉදිරියට යාම අපේ වගකීමයි.” යනුවෙනුයි.











