දේශීය

පාසල් දෙවන වාරය අදින් ආරම්භ වෙයි

2026 වසර සඳහා රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල් සියල්ලටම අද (20) සිට දෙවන පාසල් වාරය ආරම්භ වී තිබෙනවා.

එමෙන්ම, මුස්ලිම් පාසල් සඳහා පළමු වාරයේ සිව්වන අදියරද අදින් ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුව හේතුවෙන්, පළමු වාරයේ දෙවන අදියර අප්‍රේල් 10 දින අවසන් වූ අතර අප්‍රේල් 19 දක්වා නිවාඩු ලබා දී තිබුණා.

නව පාසල් වාරය අදින් ආරම්භ වී 2026 ජූලි 24 දක්වා ක්‍රියාත්මක වනවා.

සිසුන්ට පාසල් නිල ඇඳුම් සදහා රෙදි බෙදා දීම,

චීන ජනරජ රජයෙන් ලැබුණු පරිත්‍යාගයක් ලෙස, 2026 වසර සඳහා පාසල් ඇඳුම් සඳහා අවශ්‍ය මීටර් මිලියන 11.484ක නිල ඇඳුම් රෙදි ප්‍රමාණයක් ලබා දී තිබෙනවා.

එය, රජයේ සහ රජයේ අනුමත පාසල් සිසුන්ට, භික්ෂු, භික්ෂුණීන්ට, පිරිවෙන් සිසුන්ටද
බෙදා හැරීමට කටයුතු කර තිබෙනවා.

සමස්තයෙන්, සිසුන් 4,418,404කට මෙම රෙදි බෙදා හැරීම සාර්ථකව අවසන් කර තිබෙනවා.

Shares: