දේශීය

අවුරුදු සමයේ ජීවිත 80කට අධික සංඛ්‍යාවක් අහිමිවෙයි

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී (අප්‍රේල් 10 සිට 18 දක්වා) මාර්ග අනතුරු සහ දියේ ගිලීම් හේතුවෙන් පුද්ගලයින් 80කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය නිවේදනය කර තිබෙනවා.

මාර්ග අනතුරු, මරණ සංඛ්‍යාව – 53ක්. වැඩිම මරණ වාර්තා වී ඇත්තේ අප්‍රේල් 10 සහ 13 දිනවලදීයි.

දියේ ගිලීම් මරණ සංඛ්‍යාව – 27ක්

පොලීසිය පෙන්වා දෙන්නේ, පසුගිය වසරවලට සාපේක්ෂව මෙවර අවුරුදු සමයේ අනතුරු මරණ සංඛ්‍යාව වැඩි වී ඇති බවයි.

පොලිසිය නිවේදනය කර තිබෙන්නේ, රිය පැදවීමේදී වේග සීමා පිළිපදින්න, මත්පැන් පානය කර රිය පැදවීමෙන් වළකින්න, ජලයේ විනෝද වන විට ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන්න ලෙසයි.

එක් මිනිත්තුවක නොසැලකිල්ල – ජීවිතයක් අහිමි විය හැක!

ඔබේ අදහසත් පහතින් comment කරන්න…

Shares: