එක්සත් ජනපදයේ ගංජා (marijuana) සම්බන්ධ නීතිවල විශාල වෙනසක් සිදු කරමින් “අති භයානක මත්ද්‍රව්‍ය” කාණ්ඩයෙන් ඉවත් කර පහළ කාණ්ඩයකට (Schedule III) මාරු කර ඇති බව එක්සත් ජනපද නීති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
නව වර්ගීකරණය,
කලින් – Schedule I (හෙරොයින් වැනි ඉතා භයානක මත්ද්‍රව්‍ය)
දැන් – Schedule III (Tylenol with codeine වැනි වෛද්‍ය භාවිතයක් ඇති ඖෂධ සමඟ සමාන)
වැඩබලන නීතිපති Todd Blanche ප්‍රකාශ කරන්නේ,
මෙම පියවර මගින් වෛද්‍ය පර්යේෂණ පුළුල් කරමින් රෝගීන්ට වඩා හොඳ ප්‍රතිකාර ලබාදීමට හැකි වන බවයි.
වැදගත්කම,
ගංජා පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ සඳහා දොරටු විවෘත වීම, වෛද්‍ය භාවිතය පිළිබඳ පර්යේෂණ හරහා තවත් තොරතුරු රැස් කල හැකි වීම, රෝගීන්ට විකල්ප ප්‍රතිකාර අවස්ථා වැඩි කරගත හැකි වීම.
මීළඟ පියවර,
ජූනි මාසයේදී සම්පූර්ණ කැනබිස් (ගංජා) වර්ගීකරණය වෙනස් කිරීම පිළිබඳ විභාගයක් (hearing) පැවැත්වීමට නියමිතයි. නව නීතිය ප්‍රකාශයට පත් වූ පසු දින 30කින් බලපැවැත්වෙන බවද සදහන් (එයට නීතිමය අභියෝගද ඇතිවිය හැක)
පසුබිම,
1970 සිට කැනබිස් Schedule I ලෙස වර්ගීකරණය කර තිබෙනවා.
බොහෝ ඇමරිකානු ප්‍රාන්තවල වෛද්‍ය සහ විනෝදාත්මක භාවිතය දැනටමත් නීතිගත කර තිබෙනවා.
නමුත් – ෆෙඩරල් මට්ටමින් තවමත් නීති විරෝධී බවයි සදහන් වන්නේ
විශේෂ අවධානය,
මෙය “symbolic” පියවරක් ලෙස සමහරුන් විස්තර කළද, අනාගතයේදී සම්පූර්ණ නීතිමය වෙනස්කම් සඳහා දොරටුවක් විවෘත කරන බවට බලාපොරොත්තු වනවා.
“මෙය වෛද්‍ය ප්‍රතිකාර විකල්ප පුළුල් කිරීමේ ප්‍රධාන පියවරක්” – Todd Blanche











