දේශීය

අද (24) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් විශේෂ තීරණයක්!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ ආච්චි ඩේසි ෆොරස්ට් මහත්මිය ළට විරුද්ධව ගොනුකර ඇති නඩුව, 2026 ජූනි 10 දක්වා කල් තබා තිබෙනවා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේ කැඳවනු ලැබූ අතර, අදාළ තොරතුරු අධිකරණ වාර්තාකරු විසින් හෙළි කර තිබෙනවා.

චෝදනා,
අධිකරණයේ සඳහන් වන්නේ, 2009 මාර්තු 31 සිට 2013 දෙසැම්බර් 12 දක්වා කාලය තුළ, රුපියල් මිලියන 59කට අධික මුදලක් නීති විරෝධී ආදායම් ලෙස සැලකෙන ආකාරයෙන් පුද්ගලික බැංකු තුනක ස්ථාවර තැන්පතු ගිණුම්වල තැන්පත් කර ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් චෝදනා තුනක් යටතේ නඩුව ගොනු කර තිබෙනවා.

ඊළඟ අධිකරණ දිනය, 2026 ජූනි 10

Shares: