මනුෂ්‍යත්වය, කරුණාව සහ ජීවිත බේරාගැනීමේ අසීමිත කැපවීම සැමරෙන විශේෂ දිනයක් වන ලෝක රතු කුරුස හා රතු අඩසඳ දිනය සෑම වසරකම මැයි 8 වන දින සමරනු ලබයි.
මෙම දිනය නම් කර ඇත්තේ, ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) ආරම්භකයා සහ පළමු නොබෙල් සාම ත්‍යාගලාභියා වූ හෙන්රි ඩියුනන්ට් මහතාගේ උපන් දිනය සැමරීම වෙනුවෙනි.
පළමු ලෝක යුද්ධයෙන් පසු, “ලොව පුරා සාමයට විශාල දායකත්වයක් ලබාදෙන වාර්ෂික ක්‍රියාවක්” ලෙස රතු කුරුස සන්ධියක් පිළිබඳ අදහසක් ඉදිරිපත් වී තිබෙනවා.
එය 1934දී ටෝකියෝහි පැවති ජාත්‍යන්තර රතු කුරුස සමුළුවේදී අනුමත වුවද, දෙවන ලෝක යුද්ධයෙන් පසුව එය නැවත සලකා බැලීමෙන් අනතුරුව 1948 මැයි 8 දින පළමු “Red Cross Day” සමරනු ලැබුවා.
1991දී International Federation of Red Cross and Red Crescent Societies (IFRC) ලෙස නාමය වෙනස් වූ අතර, 1984 සිට මෙම දිනය නිල වශයෙන්
“World Red Cross and Red Crescent Day” ලෙස හදුන්වනු ලබනවා.
අද වන විට මේ හරහා ලෝකයේ යුද්ධ, ආපදා, රෝග සහ අර්බුද අතර මනුෂ්‍යත්වය ජීවමාන කරමින්, ලක්ෂ සංඛ්‍යාත ස්වේච්ඡා සේවකයින් සහ සෞඛ්‍ය සේවකයින් විශාල ප්‍රමාණයක් අඛණ්ඩව මිනිස් ජීවිත වෙනුවෙන් කැපවී සිටිනවා.
“සැබෑ වීරයන්ට හැඳුනුම්පත් අවශ්‍ය නැත… ඔවුන්ගේ ක්‍රියාවන්ම ලෝකයට ආලෝකයක්.”











