Global Platform For All Sri Lankans

කරන්දෙණිය PHI ඝාතකයා අවි සමග ගල්කිස්සේදී හසුවේ

karandeniya-phi-murder

 ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතා ඇල්පිටිය, පතිරාජ මාවතේ නිවසේදී ඝාතනය කිරීමේ සිදුවීමට අවශ්‍යව සිටි වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබේ.පොලීසිය පැවසුවේ, ගිනිඅවි දෙකක් ද සමග ගල්කිස්ස ප්‍රදේශයේ දී එම පුද්ගලයාව අත්අඩංගුවට ගත් බවය.

ඉකුත් පෙබරවාරි 26 වැනිදා උදේ 7.35 ට පමණ දිලීප රොෂාන් කුමාර මහතා කුරුදුගහවත්ත දිවිතුරුගම ඔහුගේ නිවසේදී  වෙඩි තබා ඝාතනය කර තිබුනේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනකුය.

පසුව ඔවුන් මෙම වෙඩි තැබීම කර පලා ගොස් තිබුණි.
වෙඩි තබා ඇත්තේ පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් බවට හෙළි වී තිබුණි.
මිය යන විට 51 හැවිරිදි වියේ පසු වූ රොෂාන් කුමාර මහතා තිදරු පියකු විය. විදුහලේ පළමු වසරට තම බාල පුත්‍රයා බාරදීම සඳහා සූදානම් කරමින් සිටිය දී වෙඩික්කරුවන් දෙදෙනා හදිසි අවශ්‍යතාවක් බව පවසා නිවෙසට ඇතුළු වී මෙම වෙඩි තැබීම කර පලාගොස් තිබුණි.
මියගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ බිරිය ඇල්පිටිය ඇල්ල ප්‍රදේශයේ පාසලක ගුරුවරියක ලෙස සේවය කරන අතර වෙඩි තැබීම වන විට ඇය පාසලට පිටත්ව ගොස් සිටියාය.

මියගිය සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇල්පිටිය, අම්බලන්ගොඩ සහ කරන්දෙණිය යන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලවලට අනුයුක්තව සේවය කර ඇත. ඔහු අවසන් කාලයේ යූටියුබ් ඇතුලු සමාජ මාධ්‍ය ඔස්සේ විස ආහාර ද්‍රව්‍ය නිෂ්පාදකයින්ට එරෙහිව සෘජු සටනක් ගෙන ගියේය.
ඔහු සඳහන් කළ ඇතැම් ව්‍යාජ නිෂ්පාදන වලින් ජනතාව ඈත් වූ අතර මෙම දැනුවත්කිරීම ව්‍යාජ නිස්පාදකයින්ගේ ව්‍යාපාර පාඩුවට හේතුවිය.

මේ නිසා කොන්ත්‍රාත්තුවක් මත මොහු ඝාතනය කරවන්නට ඇති බවට සැක පැවතිණි.
මේ සම්බන්ධ පරීක්ෂණ සිදුවන අතරේ

ඝාතකයන් මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර මහතා ට වෙඩි තබා ඌරගස්මංහන්දිය දක්වා පැමිණෙනු මග දෙපස සී.සී.ටී.වී දර්ශන වලින් පෙනී ගිය අතර එලෙස සැක කෙරෙන යතුරු පැදිය ඌරගස්මංහන්දිය හොරවල කටවල්පහ ප්‍රදේශයේ බෝක්කුවක් අසල ගිනි තබා විනාශ කර තිබිය දී මාර්තු 1 වනදා හමුවිය.

රොෂාන් තුෂාර මහතාට වෙඩි තබා මරා දැමීම ඇතුළු තවත් මිනීමැරුම් ගණනාවක් සදහා පොලිස් විමර්ශන සදහා  අවශ්‍යව  සිටි ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙනත් නමකින් කූඨ ලෙස  සකස් කර ගත් ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඩුබායි බලා පළා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී හසුව තිබුනේ පසුගිය මැයි මස මුලදීය.
ස්වයංක්‍රීය මුහුණු හදුනා ගැනීමේ පද්ධතිය ( Facial Recognition System ) මගින් හදුනා ගැනීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහුව අත් අඩංගුවට පත්විය.

ඔහු ඇල්පිටිය , කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පත්තිනි දේවගේ තිවංක මනෝහර නැමැති අයෙකු වූ අතර මොහු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකවරයා වෙඩි තබා මරා දැමීම සදහා ඔත්තු බැලූ බවට පොලිසිය විසින් කරුණු අනාවරණය කර ගත්තේය. ඔහුගෙන් ලබාගත් තොරතුරු ඔස්සේ අද අත්අඩංගුවට ගත් වෙඩික්කරු අල්ලා ගන්නට පොලිසිය සමත්විය.වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයා ගිනිඅවි දෙකක් ද සමග ගල්කිස්ස ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත් විය.
මේ අය යොදවා දිලීප රොෂාන් කුමාර මහතා ඝාතනය කරවූයේ කවුරුන්ද යන්න නොබෝ දිනකින්ම අනාවරණය වනු ඇතැයි පොලිසියේ විශ්වාසයයි.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Source link

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads