Global Platform For All Sri Lankans

කතකගෙන් විසිදාහක පගා ඉල්ලූ සැරයන්ගේ වැඩ තහනම්

pamunugama-incident

 කාන්තාවකගෙන් රුපියල් 20,000 ක අල්ලසක් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පමුණුගම පොලිසියේ සැරයන්වරයකුගේ වැඩ පෙරේදා (2) සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇත.මූලික විමර්ශනයක් පවත්වා සැරයන්වරයාගේ වැඩ තහනම් කරනු ලැබ ඇත්තේ මීගමුව සහකාර පොලිස් අධිකාරීවරයා විසිනි.

වැඩ තහනම් කර ඇත්තේ මීගමුව මහාධිකරණයේ නඩු කටයුතු බාරව කටයුතු කරන පොලිස් සැරයන්වරයාගේය.

හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2,140 සමග පුද්ගලයකු පමුණුගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය අප්‍රේල් 29 වැනිදා  අත්අඩංගුවට ගෙන  අධිකරණයට ඉදිරිපත්  කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත් කර ඇත.ඔහුගේ බිරිඳ සිය සැමියාට ඇප ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ ඇප අයදුම් පත සම්බන්ධයෙන් කඩිනමින් කටයුතු කරදීම සඳහා මෙම සැරයන්වරයා රුපියල් විසි දහසක මුදලක් ඇයගෙන් ඉල්ලා ඇති බවට උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම කාන්තාව ඒ සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරීන්ට කළ පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.මීගමුව කොට්ඨාසය බාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ උපදෙස් මත මෙම සැරයන්වරයා සම්බන්ධයෙන් විමර්ශන සිදු කරයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Source link

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads