Global Platform For All Sri Lankans

ජනපතිවරණය ගැන තීන්දුවක් ? මෙන්න අලුතින්ම ආ පෙත්සම..

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමත විචාරණයකට යොමු කර ඉන් අනුමැතිය ලබා ගන්නා තුරු ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන්.

එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින්, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ,

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ජනමත විචාරණයකින් අනුමත කිරීමකින් තොරව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහක් ලෙස සලකා ජනාධිපතිවරණයක් පැවැත්වීමට යාම තුළින් මැතිවරණ කොමිෂන් සභාව මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවයි.

මේ තුළින් මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ජනමත විචාරණයකට යොමු කිරීමට පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads