දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලීසිය සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මඟින් ඊයේ දින ද පුද්ගලයින් 28,020 ක් පරික්ෂා කර තිබෙනවා.
ඒ අනුව, පොලිස්පතිවරයාගේ උපදෙස් මත කොට්ඨාස මට්ටමින් සියළුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදියි විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත්තේ.
එහිදී ඊයේ (15) දිනයේ වාර්තාව පහත පරිදි වනවා.
පරීක්ෂා කල පුද්ගලයින් ගණන – 28,020
සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන – 577
අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් ගණන – 17
අත්අඩංගුවට ගෙන ඇති දින වරෙන්තුකරුවන් ගණන – 269
අත්අඩංගුවට ගෙන ඇති විවෘත වරෙන්තුකරුවන් ගණන -144
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම් -15
අපරික්ෂාකාරි රිය පැදවීම් වලට අත්අඩංගුවට ගැනීම් -13
රථවාහන වෙනත් වැරදි – 3504











