Global Platform For All Sri Lankans

ලබන සතියේ රෑට , ලොකු වෙනසක්.. මෙන්න විස්තරේ..

 

සෙනසුරු, චන්ද්‍රයාගෙන් මුවාවීමේ සංසිද්ධිය ජූලි 24 වනදා ශ්‍රී ලාංකිකයන්ට දර්ශනය වනු ඇති බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා.

මෙය දුර්ලභ තාරකා විද්‍යාත්මක සිදුවීමක් බවත්, ජූලි 24 මධ්‍යම රාත්‍රියෙන් පසුව ජූලි 25 වනදා පෙරවරු 00.40ට පමණ සඳ දෙස බැලීමෙන් එම සංසිද්ධිය පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි ද සඳහන්.

එම සංසිද්ධිය දුරේක්ෂයක් හෝ දුරදක්නයක් ආධාරයෙන් වඩාත් හොඳින් නිරීක්ෂණය කිරීමට හැකියාව පවතිනු ඇති.

එක් ආකාශ වස්තුවක් තවත් ආකාශ වස්තුවක් ඉදිරියෙන් ගමන් කිරීම නිසා එහි දර්ශනය අවහිර වීමෙන් මෙවන් සංසිද්ධියක් සිදුවෙන බවද සඳහන් වනවා.

චන්ද්‍රයා, සෙනසුරු ග්‍රහලෝකය ඉදිරියෙන් ගමන් කරන විට එය පෘථිවියට නොපෙනී ගොස්, ආසන්න වශයෙන් පැය එකයි මිනිත්තු විස්සක් පමණ චන්ද්‍රයාගෙන් වැසී පවතිනු ඇති.

නැවත වරක් මෙවැනි සංසිද්ධිය ශ්‍රී ලංකාවාසීන්ට දර්ශනය වන්නේ 2037 අප්‍රේල් 24 වනදා බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

O/L විභාග ප්‍රතිඵල හරියටම නිකුත් වෙන දිනය මෙන්න

පසුගිය වසරේ පවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සති දෙකක් ඇතුළත ප්‍රකාශ කිරීමේ හැකියාව පවතින බව ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අධ්‍යාපන

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads