Global Platform For All Sri Lankans

රජයේ සේවක වැටුපට , ඡන්ද තුරුම්පුවක් එකතු වෙලා..?

 

විධායක නොවන සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 5000කින් ඉහළ නැංවීම පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අනුව පසුගියදා රාජ්‍ය සේවකයින්ට වැඩි වූ රුපියල් 10,000 දීමනාව ද සමඟ රුපියල් 15,000ක් සෑම සේවකයකුටම හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ.

රජයේ සේවකයන්ගේ වැටුප් පිළිබඳ සමාලෝචනයක් සිදු කර ලබන වසරේ සිට ඔවුන්ගේ වැටුප් සංශෝධනය කිරීම සඳහා කමිටුවක් දැනටමත් පත්කර තිබෙනවා.

එම කමිටුව පෙන්වා දෙන්නේ මේ සඳහා වැයවන මුදල යම් ආකාරයකින් ජනතාවගෙන් අය කරගත යුතු අතර එසේ නොවුණහොත් ඉදිරි මාස හතර සඳහා එය ගෙවීම ගැටලුවක් වන බවයි.

කෙසේ වෙතත් මෙය ඡන්ද තුරුම්පුවක් වන අතර එහි බර ඊළඟට පත්වන රජය මගින් දැරීමට සිදුවනු ඇති බවයි දේශපාලන විශ්ලේෂකයන් මත පල කරන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

O/L විභාග ප්‍රතිඵල හරියටම නිකුත් වෙන දිනය මෙන්න

පසුගිය වසරේ පවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සති දෙකක් ඇතුළත ප්‍රකාශ කිරීමේ හැකියාව පවතින බව ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අධ්‍යාපන

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads