Global Platform For All Sri Lankans

අද සිට වෙනස් වූ මිල , මෙන්න අලුත්ම මිල..

 

අද (22) සිට බිත්තරයක් රුපියල් 42කට වෙළෙඳ පොළට නිකුත් කරන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

මේ වන විට, රුපියල් 50 ද ඉක්මවා ඇති බිත්තරයක මිල මෙලෙස අඩු කෙරෙන්නේ යළිත් වරක් බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කර ඇති පසුබිමකයි.

පසුගිය වසරේ සිට බිත්තර මිල වාර්තාගත ලෙස ඉහළ යාම හමුවේ පාරිභෝගිකයින් දැඩි අපහසුතාවට පත්වීම හේතුවෙන් බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගත්තා.

ඒ අනුව සතොස හරහා සහන මිලකට බිත්තර මිල දී ගැනීමට ජනතාවට හැකි වූ අතර, මාස 3ක පමණ කාලයක සිට සතොස වෙළෙඳ සැල්වල බිත්තර නොමැති බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කළා.

ඒ හේතුවෙන් යළිත් වෙළෙඳ පොළේ බිත්තර මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

රජය සමග එකඟ වූ මිල ඉක්මවා බිත්තර අලෙවි වන අතර, බිත්තර වෙළෙඳ සංගම් චෝදනා කරන්නේ, රුපියල් 25ක අයුතු ලාභයක් අදාළ බිත්තර නිෂ්පාදකයින් ලබා ගන්නා බවටයි.

බිත්තර නිෂ්පාදකයින් සිය බිත්තර, වෙළෙඳ පොළට සීමිත ප්‍රමාණයකට නිකුත් කිරීම හේතුවෙන් සහ බිත්තර දමන කිකිළියන් මස් පිණිස විකිණීම හේතුවෙන් මෙලෙස වෙළෙඳ පොළ තුළ බිත්තර හිගයක් මතුව තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

කුසල් මෙන්ඩිස්ට සිය ස්ථානය අහිමි වෙන ලකුණු !?

එළබෙන නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිට ශ්‍රි ලංකා කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා ලෙස කුසල් මෙන්ඩිස් ක්‍රිඩා කිරීමට නියමිත බව ක්‍රිකට්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads