ක්‍රීඩා

කාන්තා ලෝක කුසලානයේ අවසන් ගැටුම

කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාවේදි අද ආරම්භ වනවා.

ඒ සත්කාරක ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතරයි.

මෙතෙක් පැවති ලෝක කුසලාන තරගාවලි තුල ඕස්ට්‍රේලියාව, එංගලන්තය සහ නවසීලන්තය හැරුණු විට වෙනත් කණ්ඩායමක් කාන්තා එක්දින ලෝක කුසලානයක් ජයග්‍රහණය කර නැහැ.

ඉන්දියාව 2005 සහ 2017 වසරවල දී අනුශුරයින් බවට පත් වූ අතර, දකුණු අප්‍රිකාව මෙවර පලමුවරටයි අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ඇත්තේ.

පසුගිය සැප්තැම්බර් 30වැනිදා ශ්‍රි ලංකාව සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් ඇරඹුනු මෙවර කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම් 8ක් තරග වැදුණා.

අද පැවැත්වෙන අවසන් තරගයේදි තරග තීරක ලෙස ශ්‍රී ලංකාවේ මිචෙල් පෙරෙයිරා කටයුතු කරන අතර තවත් ශ්‍රි ලාංකික තරග විනිසුරුවරියක වන නිමාලි පෙරේරා සිව්වන විනිසුරු ලෙස කටයුතු කරනවා.

Shares: