අපරාධ රැසකට වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරු ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබුණේ මෝදර පොලිස් වසමේ ලෙල්ලම ප්‍රදේශයේදීයි.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී අයිස් ග්‍රෑම් 26යි මිලිග්‍රෑම් 890ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු සමිත්පුර, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක්.











