විදෙස්

ටැන්සානියාවේ විරෝධතාවලින් සිය ගණනක් ජීවිතක්ෂයට..

ටැන්සානියාවේ මහමැතිවරණයෙන් පසුව පැවැත්වෙන අඛණ්ඩ විරෝධතා හේතුවෙන් පුද්ගලයින් සිය ගණනක් මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ මැතිවරණයෙන් දින තුනකට පසු විරෝධතා අතරතුර අවම වශයෙන් පුද්ගලයින් 500 දෙනෙකු මිය ගොස් ඇති බවට විශ්වාස කෙරෙන බවයි.
 
අන්තර්ජාලය අවහිර කිරීමට එරට රජය පියවර ගෙන ඇති අතර ඉදිරියේදී මෙම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් වාර්තා පවසන්නේ.

නොසන්සුන්තාව මැඩපැවැත්වීම සඳහා ඇඳිරි නීතිය පනවා ඇති අතර බොහෝ තරුණ විරෝධතාකරුවන් මැතිවරණය අසාධාරණ බවට ප්‍රකාශ කරමින් විරෝධය පළකරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Shares: