උණුසුම් පුවත්

අද සවස හදිසි කැබිනට් රැස්වීමක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) සවස 5ට හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවා තිබෙනවා.

ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්, එච්. එස්. කේ. ජේ. බණ්ඩාර මහතායි මේ බව නිවේදනය කළේ.

මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි.

Shares: